25 C
Galle

අම්බලන්තොට නගරය වැසි ජලයෙන් යටවෙයි

Published:

ධාරානිපාත වර්ෂාව හේතුවෙන් අම්බලන්තොට නගරය අද (02) ජලයෙන් යට වී තිබිණි.

වළවේ ගඟ අම්බලන්තොට නඟරයෙන් ගලා ගොස් ඒ ආසන්නයෙන් ම මුහුදට එක්වුව ද මෙලෙස නගරය යටවී ඇත්තේ වළවේ ගඟ පිටාර ගැලීමෙන් නොව වැසි ජලය නිසි පරිදි බැසයාමට අවශ්‍ය කාණු පද්ධතියක් නොමැතිවීම හේතුවෙනි. පසුගිය වසර කිහිපයේ දී ම මාර්ග සංවර්ධනය කළ ද වැසි ජලය බැසයාමට අවශ්‍ය කාණු නිසි පරිදි සකස් නොකිරීම හේතුවෙන් මෙලෙස වැසි ජලය එකතුවන අතර දේශපාලනඥයන්ගේ සහ නිලධාරීන්ගේ බලය භාවිතා කරමින් කුඹුරු ඉඩම් සහ පහත් බිම් ගොඩකිරීමත් ඇළ මාර්ග හරස්කර ඉදිකිරීම් සිදුකිරීමත් අම්බලන්තොට නගරය මෙලෙස ජලයෙන් යටවීමට හේතු වී තිබේ.

ඡායාරූප – රාහුල් සමන්ත හෙට්ටිආරච්චි

Related articles

Recent articles

error: Content is protected !!