24.8 C
Galle

මාතර ගල්බැම්ම වාන් දමයි. නැරඹීමට යන පිරිස් දැඩි අනතුරකට අත වනයි

Published:

මාතර ගංවතුර වැළැක්වීම සඳහා අත්තුඩාව ප්‍රදේශයේ ඉදිකර ඇති ගල් බැම්ම වාන් දැමීම ආරම්භ වී තිබේ. ඊයේ (07) රාත්‍රී සිට වාන් දැමීම සිදුවන අතර ‍අද (08) උදෑසන 9.00 පමණ වනවිට එහි ජල මට්ටම සෙන්ටිමීටර 90ක් දක්වා ඉහළ ගොස් තිබිණි. මෙම ගල් බැම්මේ වාන් මට්ටම සෙන්ටිමීටර 79කි.

ඒ අනුව සෙන්ටිමීටර 11ක් උසැති ජල කඳක් ගල් බැම්මට ඉහළින් ගමන් කරමින් තිබේ. මෙම බැම්ම මීටර 90 දිගැතිය.

ගල්බැම්ම වාන් දමන බව දැනගත් මොහොතේ සිට ප්‍රදේශවාසීන් විශාල වශයෙන් එය දැකබලා ගැනීමට එම ස්ථානයට රැස්ව සිටින අතර ආපදා කළමනාකරණ දෙපාර්තමේන්තුව පවසන්නේ ඔවුන් එලෙස පැමිණිම ඉතාමත් අනතුරුදායක බවයි. එබැවින් ඔවුන් එම ස්ථානයෙන් ඉවත්කිරීමට කටයුතු කරමින් සිටියි.

ගල් බැම්ම වාන් දැමීමට ඉඩ ඇති බැවින් පහත් බිම් ප්‍රදේශවලින් ජනතාවට ඉවත්වන්න යැයි ඊයේ (07) සවස ආපදා කළමනාකරණ දෙපාර්තමේන්තුව සහ පොලිසිය මාතර දිස්ත්‍රික්කයේ ජනතාවට නිවේදනය කර තිබිණි.

ඡායාරූප – ධනුෂ්ක වීරසිංහ, සංදීප ශතිරංග, ජනිඳු විතානගේ

Related articles

Recent articles

error: Content is protected !!