24.8 C
Galle

ඉන්දු – ශ්‍රී ලංකා නැව් සේවාව නවතා දමයි

Published:

කන්කසන්තුරේ සහ ඉන්දියාවේ නාගපට්න අතර ආරම්භ කළ “චෙරියපානී” නැව් සේවය හෙට (21) සිට නවතා දැමීමට ඉන්දීය බලධාරීන් තීරණය කර තිබේ.

අද (20) එහි ගමන් වාර ක්‍රියාත්මක වීමෙන් පසු මෙලෙස නැව් ගමන නවතා දැමීමට තීරණය කර ඇත්තේ අයහපත් කාලගුණික තත්වය හේතුවෙනි.

අද ඉන්දියාවේ සිට යාපනයට මගීණ් 105ක් සහ යාපනයේ සිට ඉන්දියාවට මගීන් 78 දෙනකු යාමට නියමිතය.

එම ගමනින් පසු ලබන වසරේ ජනවාරි මැද දක්වා “චෙරියපානී” නැව් සේවාව නමතා දමන්නේ ඊසානදිග මෝසම් සක්‍රිය වීමත් සමඟ කාලගුණික තත්වය අයහපත් වීම හේතුවෙනි.

Related articles

Recent articles

error: Content is protected !!