24.8 C
Galle

බදුල්ල කොළඹ මාර්ගය අවහිර වෙයි

Published:

හපුතලේ සහ බෙරගල අතර බදුල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ අද (21) සවස පස් කඳු කඩාවැටී‍ම් කිහිපයක් නිසා වාහන ධාවනයට බාධා සිදුව ඇතැයි පොලිසිය පවසයි.

මේ හේතුවෙන් ඇතැම් ස්ථානවල දී මාර්ගය මුළුමනින් ම අවහිර වී ඇති අතර අධික වර්ෂාව හේතුවෙන් එම මාර්ගයේ ගමන් කිරීම දැඩි අවදානම් තත්වයකට ද පත්ව ඇත.

ආපදා කළමනාකරණ ඒකකය පවසන්නේ දැඩි වර්ෂාව නිසා පස් ඉවත්කිරීම ද අපහසු වී ඇති බවයි. එබැවින් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස රියදුරන්ගේ ඉල්ලා සිටියි.

Related articles

Recent articles

error: Content is protected !!