24.8 C
Galle

දැදුරු ඔයේ, වාන් දොරටු විවෘත කරයි

Published:

දැදුරුඔයේ වාන් දොරටු 05ක් අඩි 04 බැකින් විවෘත කළ බව ජලාශය භාර වාරි ඉංජිනේරු සම්පත් සමරජීව පවසයි.

දැදුරුඔයේ පෝෂක ප්‍රදේශවලට ඊයේ (03) දිනයේ ලැබුණු වර්ෂා තත්වය හේතුවෙන් දැදුරුඔය ජලාශය නැවත පිටාර මට්ටම ඉක්මවා ගොස් ඇත. මෙලෙස දොරටු 05ක් විවෘත කිරීම හේතුවෙන් ජලාශයේ සිට දැදුරු ඔයට තත්පරයකට ඝන අඩි 13,800ක ජල කඳන් මුදාහැරෙන බව ද ඉංජිනේරුවරයා පවසයි.

මේ හේතුවෙන් දැදුරු ඔයේ ගංවතුර තත්වයක් පිළිබඳ අවදානමක් නැතත් තවදුරටත් වර්ෂාව පැවතියහොත් දැදුරුඔය ද්‍රෝණියේ පහළ ප්‍රදේශවල පදිංචිකරුවන් අවදානයෙන් සිටිය යුතු බව ද වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

පසුගිය 30 වැනි දා උදෑසන ද මෙහි වාන් දොරටු හයක් විවෘත කරන ලදී.

Related articles

Recent articles

error: Content is protected !!