26 C
Galle

“පොල් කට්ටෙන් එකතු කරමු, කැමරාවක් අරන් දෙමු”

Published:

බිංගිරිය පොලිසිය ඉදිරිපිට මාධ්‍ය වාර්තාකරණයක නිරත වූ ජාතික රූපවාහිනී වාර්තාකරු දිනෙත් කුමාරගේ කැමරා ආම්පන්න උදුරාගත් පොලිසිය ඒවාට රඳවා තබාගැනීම හේතුවෙන් ඔහුට නව උපකරණ ලබාදීමට මාධ්‍යවේදී සංවිධාන විසින් “‍පොල් කට්ටෙන් එකතු කරමු, කැමරාවක් අරන් දෙමු” නමින් ආධාර එකතුකිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇත.

මෙම ආධාර එකතු කිරීම 18 වැනි දා සිට දින 30ක කාලයක් පැවැත්වෙයි.

බිංගිරිය පොලිසිය විසින් අත්තනෝමතිකව මාධ්‍යවේදියා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම හේතුවෙන් ඔහුට සිදුවූ අසාධාරණය ගැන සොයා බලා සාධාරණය ඉටුකරන ලෙස ද වයඹ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට සදේශයක් භාර දී ම සිදුකෙරිණි.

මේ සඳාහා  අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ , වයඹ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය, සීමාසහිත ජනමාධ්‍යවේදීන්ගේ සමුපකාර සංගමය, ශ්‍රී ලංකා  ජනමාධ්‍යවේදීන්ගේ ක්‍රියාකාරී එකමුතුව ඇතුළු මාධ්‍ය සංවිධාන රැසක් සහභාගී විය.

Related articles

Recent articles

error: Content is protected !!