26.7 C
Galle

ජනතාව අමාරුවේ දමන, ගාල්ලේ ජල සම්පාදනේ

Published:

ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ ගාල්ල ප්‍රාදේශීය කාර්යාලය වෙත බිල්පත් ගෙවීමට පැමිණෙන පාරිභෝගිකයෝ අද (28) දිනයේ දී ද දැඩි අපහසුතාවකට ලක්වූහ.

මේ වනවිට තුන්ගුණයකට ආසන්න මුදලකින් ජල ගාස්තු වැඩිකර තිබෙන අතර බිල ගෙවීමට දින කිහිපයක් ප්‍රමාද වූ සැණින් ජල සම්න්ධතා විසන්ධි කිරීමට ද කටයුතු කරයි. එබැවින් බොහෝ දෙනකු බිල ලැබුණු වහාම අදාළ මුදල ගෙවීමට උනන්දුවන බැවින්, අද (28) පෙරවරුවේ ද ගාල්ලේ ප්‍රාදේශීය කාර්යාලය ඉදිරිපිට විශාල පිරිසක් ජල බිල්පත් ගෙවීම සඳහා පෝළිමේ රැඳී සිටිනු දක්නට ලැබිණි.

එම කාර්යාලයේ බිල්පත් ගෙවීමේ කවුන්ටර දෙකක් දක්නට ලැබුණ ද ක්‍රියාත්මක කර තිබුණේ කවුන්ටර එකක් පමණි. අනෙක් කවුන්ටරය වසා ඇති බැවින් ඒ පිළිබඳ විමසූ විට එහි නිලධාරීන් කියා සිටියේ බොහෝ දෙනකු නිවාඩු බැවින් එහි සේවයට යෙදවීමට කිසිවෙකුත් නොමැති බවයි.

රජයේ බදු මුදල්වලින් පවත්වාගෙන යන ජනතාව ගෙවන බිල්පත් මගින් යැපෙන මෙවැන් ආයතන තම පාරිභෝගිකයා අපහසුතාවට ලක්නොකර තමන්ට ලැබෙන මුදල අයකරගැනීමට හෝ උනන්දුවක් නැත.

මේ ගාල්ලේ මෙවැනි සිදුවීමක් වූ පළමු අවස්ථාව ද නොවේ.

Related articles

Recent articles

error: Content is protected !!