26.7 C
Galle

ගාල්ලේ, මහින්දය නායයයි ?

Published:

ගාල්ල, මහින්ද විද්‍යාලයේ දැඩි නායයාමේ තත්වයක් හටගෙන ඇති අතර ඊයේ (05) ඇති වූ ධාරානිපාත වර්ෂාවත් සමඟ පාසලේ තාප්පයක් කඩා වැටී ඇත.

කෙසේ වෙතත් මෙලෙස කඩා වැටී ඇත්තේ නායයාමේ අවදානමක් ඇතැයි සළකුණු කරන ලද ස්ථාන නොවේ.

ගාල්ල නගරය ආසන්නයේ කුඩා කඳුගැටයක් මත පිහිටා ඇති මහින්ද විද්‍යාලයේ පිටුපස බෑවුමේ ස්ථාන කිහිපයක් ම නාය යාමේ අවදානමක් ඇති බවට ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් දැනුම් දී එම කොටස් ස්ථාවර කරන ලෙස දැනුම් දී තිබේ.

පාසලේ ප්‍රාථමික අංශයේ ප්‍රධාන ප්‍රවේශය අසළ ඇති විශාල ගල් බැම්මක් ද නාය යාමේ අවදානමට ලක්ව ඇති බැවින් පාසල් නිවාඩුවට සති කිහිපයකට පෙර එය වසා දමා තිබිණි. එමෙන්ම අධික වැසි දිනවල දී පාසලේ එක් ගොඩනැගිල්ලක පන්තිකාමර ඉවත් කිරීමට ද කටයුතු කරයි.

පාසල් භූමියේ ස්ථාන කිහියක් ම ඉරි තැලීම් ඇති වී පොළොව විවර වී ඇති අතර විශාල ගස් එක පැත්තකට ඇළ වී නාය යාමේ ලක්ෂණ පෙන්වයි. එමෙන්ම ගොඩනැගිලි කිහිපයක් සහ ගල් බැමි කිහිපයක් ද ඉරිතලා වැසි දිනවල දී ඒවා තුළින් විශාල වශයෙන් ජලය ගලාඒමක් ද සිදුවේ.

පාසල් බෑවුමේ පස් කඩා වැටීම් ඊට පහළින් ඇති නිවාසවලට ද හානිකර විය හැකි බැවින් එම නිවසක පදිංචිකරුවන්ට ඉවත්වීමට උපදෙස් දී ඇතැයි ද ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය කියා සිටියේය.

මේ සම්බන්ධයෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයෙන් විමසූ විට ඔවුන් කියා සිටියේ ගාල්ල මහින්ද විද්‍යාලයට නාය යාමේ අවදානම පිළිබඳ අනතුරු ඇඟවීම් කර ඇති බවයි. එම භූමිය ස්ථාවර ක‍රන ලෙස උපදෙස් දී ඇති බව ද එම ආයතනය පවසයි.

Related articles

Recent articles

error: Content is protected !!