26.7 C
Galle

මාධ්‍යයට පහරදුන් මර්වින්ට, හදිසියේ ම ප්‍රකාශනයේ නිදහස සිහිපත් වී, මිනී පෙට්ටි ඔසවයි

Published:

ආණ්ඩු පක්ෂය නියෝජනය කරන බලය සහිත පුද්ගලයකුව සිටිය දී මාධ්‍යවේදීන්ට සහ මාධ්‍ය ආයතනවලට ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධියක් උසුලන ලද මර්වින් සිල්වා අද (04) ඩිජිටල් ආරක්ෂණ පනතට එරෙහිව මිනී පෙට්ටියක් රැගෙන බොරැල්ල කනත්තට පැමිණියේය.

මාධ්‍ය මර්ධනය කළ යුතුයැයි බලය ඇති කාලයේ දැඩි මතයක සිටි මර්වින්ට දැන් මාධ්‍ය නිදහස සහ ප්‍රකාශනයේ නිදහස පිළිබඳ සිහිපත් වී තිබේ.

හිස් මිනී පෙට්ටියක් රැගෙන තවත් කිහිප දෙනකු සමඟ බොරැල්ල කනත්තට ඇතුළුවීමට ආ ඔවුන්ට ආරක්ෂකයන් ඇතුළුවීමට ඉඩ නොදුන්න ද ආරක්ෂක නිලධාරීන්ගේ අවහිරය නොතකා ඇතුළු වූ බව ද වාර්තා වේ.

Related articles

Recent articles

error: Content is protected !!