26.7 C
Galle

මීගමුව ලෙල්ලමේ ගැටලුව, සෙල්ලමක් නොවන ලකුණු

Published:

මීගමුව ධීවර වෙළෙඳ මධයස්ථානය හෙ‍වත් මීගමුව ලෙල්ලමේ පරිපාලනය සහ කළමනාකරණය කරගෙන ගිය ධීවරයන්ට එරෙහිව මීගමුව – පිටිපන ප්‍රදේශයේ මීසම් 04ක පූජකවරු සහ දේවස්ථානයේ දායකයන් පිරිසක් අද (25) උදෑෂන විරෝධතාවක නිරත වූහ.

මෙම විරෝධය පවත්වන ලද්දේ මීගමුව ශුද්ධ වූ කානික්කා දේවමාතාවන්ගේ දේවස්ථානය ඉදිරිපිට දී ය.

ලෙල්ලමේ පරිපාලනය සහ කළමනාකරණය පිටිපන එක්සත් ධීවර සමිතියෙන් ඉවත්කර භාරකරුවකු වෙත පත්කරන ලෙස මීගමුව දිසා අධිකරණය පසුගිය දා නියෝගයක් ලබා දී තිබිණි. එම නියෝගය ලබාදෙන ලද්දේ ධීවර සමිතියේ නිලධාරී මණ්ඩලයට එරෙහිව අගරදගුරු විසින් ගොනුකර තිබූ පැමිණිල්ලක් පදනම් කරගනිමිනි.

කතෝලික සභාව මෙම අවස්ථාවේ දී ක්‍රියාකරන ලද ආකාරයට අප්‍රසාදය පළකරමින් ලෙල්ලමේ ධීවරයන් කොළඹ අගරදගුරු නිල නිවස ඉදිරිපිට පසුගිය දා විරෝධතාවක් පැවැත්වීය. එම අවස්ථාවේ කතෝලික සභාව කියා සිටියේ ලෙල්ලමෙන් සුළු පිරිසක් වාසි ලබන බැවින් එය සමස්ත ධීවර ප්‍රජාව වෙත ලබාදීමේ අරමුණෙින් තමන් නෛතික ක්‍රියාමාර්ග ගත් බවයි.

මීසම් 04ක පූජකවරුන් ඇතුළු පිරිසක් ඉන් නොනැවතී අද (25) මෙම උද්ඝෝෂණය පවත්වන ලද්දේ ලෙල්ලම මෙතෙක් පරිපාලනය කළ ධීවරයන් කතෝලික සභාවට එරෙහිව අසත්‍ය ප්‍රකාශ කරන බව පවසමිනි. ඔවුහු කළු කොඩි ප්‍රදර්ශනය කරමින් දේවස්ථානයේ සීනු නාද කරමින් එම විරෝධත පැවැත් වූහ.

Related articles

Recent articles

error: Content is protected !!