27.4 C
Galle

ජනඅරගලය සහ පොලිසිය කළුතර දී ගැටෙයි

Published:

ජන අරගල ව්‍යාපාරය විසින් අද (26) දහවල් කළුතර නගරයේ පැවැත්වූ විරෝධතාවක් අතරතුර එයට සහභාගී වී සිටි පුද්ගලයන් ‍සිව් දෙනකු පොලිසිය විසින් රැගෙන ගොස් ඇතැයි වාර්තා වේ.

ජීවන බර, බදු බර, විදුලි බිල, ත්‍රස්තපනත සහ විරෝධතා කරුවන් මර්ධනය කිරීම යන කරුණුවලට එරෙහිව මෙම විරෝධතාව පැවැත්විණි. කළුතර ප්‍රධාන බස් නැවතුම්පොළ ඉදිරිපිට විරෝධතාව ආරම්භ කිරීමටත් පෙර සිට විශාල පොලිස් ආරක්ෂාවක් යොදා තිබිණි.

විරෝධය අතරතුර කිහිප දෙ‍නකු විරෝධතා පුවරු රැගෙන බිම වාඩි වූ අතර තවත් පිරිසක් ඔවුන්ට අව්වෙන් ආවරණය වීම සඳහා ටෙන්ට් රෙද්දක් (තරපාලයක්) රැගෙනවිත් තිබිණි. පොලිසිය කළේ මෙම  තරපාලය පොලිස් භාරයට ගැනීමට උත්සාහ කිරීමයි. ඒ අවස්ථාවේ දී පොලිසිය සහ විරෝධතාකරුවන් අතර උණුසුම් තත්වයක් හට ගැණිනි.

එම ගැටුම්කාරී තත්වයෙන් පසු පොලිසිය විසින් විරෝධතාකරුවන් සිව් දෙනකු කළුතර දකුණ පොලිසියට රැගෙන ගොස් ඇතැයි ද වාර්තා වේ.

Related articles

Recent articles

error: Content is protected !!