26 C
Galle

මියගිය ඩොල්ෆින් සතුන්, විල්පත්තුවේ ගොඩගහලා

Published:

විල්පත්තු ජාතික උද්‍යානයේ, කොල්ලන් කනත්ත මුහුදු වෙරළට මියගිය ඩොල්ෆින් සතුන් කිිහිප දෙනකුගේ සිරුරු ගොඩගසා තිබිය දී සොයාගත් බව වනජීවී දෙපාර්තමේන්තුව පවසයි.

මොල්ලිකුලම අඩවි ආරක්ෂක කාර්යාලයට ලැබුණු තොරතුරකට අනුව මෙම සිරුරු සොයාගෙන ඇත. එම ස්ථානයේ මියගිය ඩොල්ෆින් සතුන් 11 දෙනකු සිට ඇති අතර ඔවුන්ගේ සිරුරු සම්බන්ධයෙන් මරණ පරීක්ෂණය සිදුකළ අනුරාධපුර වනජීවී පශු වෛද්‍ය කාර්යාලයේ පශු වෛද්‍යවරුන් වන චන්දන ජයසිංහ සහ ඩබ්ලිව්.එල්.යූ.මධුවන්ති නිගමනය කර ඇත්තේ මෙම සතුන් කිසියම් දැලක පැටලීමෙන් මියයන්නට ඇති බවයි.

මේ මරණ සම්බන්ධයෙන් පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයට ද කරුණු වාර්තා කර තිබේ.

එම සතුන්ගේ පටක සාම්පල වැඩිදුර පරීක්ෂණ සඳහා යවා ඇති බව ද වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

Related articles

Recent articles

error: Content is protected !!