27.4 C
Galle

ජනාධිපති ආරක්ෂක රථයක් අනතුරක

Published:

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ආරක්ෂකයන් රැගත් ‍ඩිෆෙන්ඩර් රථයක් තලාව ප්‍රදේශයේ දී අනතුරට ලක්ව හතර දෙනකු තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි පොලිසිය කියයි.

ඊයේ (31) යාපනයේ පැවැති උත්සවයකින් අනතුරුව ආපසු කොළඹ බලා එමින් සිටිය දී අද (01) අලුයම 1.00ට පමණ මෙම අනතුර සිදුව ඇත.

පොලිසිය පවසන්නේ තුවාල ලැබූ පිරිස තලාව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු අනුරාධපුර රෝහලට මාරුකර යවා ඇත. ඒ අතරින් දෙදෙනකු දැඩි සත්කාර ඒකකයට අතුළත් කර තිබේ.

ඩිෆෙන්ඩර් රථයේ රිියදුරා ජනාධිපති ලේකම් කාර්යාලයට අනුයුක්තව සේවය කරන අයකු බවත් අනෙක් පිරිස පොලිසියට අනුයුක්ත ජනාධිපති ආරක්ෂකයන් බවත් දැනගන්නට ඇත.

පොලිසිය සැකකරන්නේ රියදුරාට නින්ද යාම නිසා මෙම අනතුර සිදුව ඇති බවයි.

Related articles

Recent articles

error: Content is protected !!