27.9 C
Galle

මීනගයා දුම්රියේ ගැටී අලි 05 දෙනකු මරුට

Published:

මඩකලපුව සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ මීනගයා දුම්රියේ අද (20) අලුයම අලි රංචුවක් ගැටී අලි පස් දෙනකු මියගොස් ඇති බවත් දුම්රිය පීලිපැන ඇති බවත් දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මෙම අනතුර සිදුව ඇත්තේ ගල්ඔය ආසන්නයේ දී ය.

අනතුර හේතුවෙන් මඩකලපුව දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය සීමා වී ඇති අතර මඩකලපුව සිට කොළඹ බලා ධාවනය වීමට නියමිතව තිබූ පුලතිසි දුම්රිය අවලංගු කිරීමට ද පියවර ගෙන ඇත.

Related articles

Recent articles

error: Content is protected !!