27.9 C
Galle

මීනගයා අනතුරින් මියගිය අලි ගණන තවත් ඉහළට

Published:

මීනගයා දුම්රියේ ගැටී මියගිය අලි සංඛ්‍යාව 06ක් දක්වා ඉහළ ගොස් ඇතැයි වනජීවී දෙපාර්තමේන්තුව පවසයි.

ඊයේ (19) රාත්‍රී 11.35ට පමණ ගල්ඔය ප්‍රදේශයේ දී සිදුවූ මෙම අනතුරින් තවත් අලියකු බරපතල තුවාල ලබා සිටිින බව ද වාර්තා වේ.

ගල්ඔය 141 වැනි දුම්රිය සැතපුම් කණුව අසළ දී සිදු වූ මෙම අනතුරින් මීනගයා දුම්රිය පීලි පැන ඇති අතර මේ හේතුවෙවන් කොළඹ මඩකලපුව දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු ද ඇණහිට ඇත.

එම අලි රංචුවේ අලි 07 දෙනකු දුම්රියේ ඇති අතර අනතුර සිදුවූ අවස්ථාවේ දී ම ඉන් 05 දෙනකු මියගොස් ඇත. තවත් අලියකු පසුව මියගිය අතර අනෙක් අලියා තුවාල ලබා සිටියි. තුවාල ලබා සිටි අලියා මිය යාමට පෙර වයස අවුරුරදු තුනක පමණ අලි පැටවකු සිය මව තනි නොකරමින් එම ස්ථානයේ ම රැඳී සිටි බව ප්‍රදේශවාසීහු කියති.

කඩුඩුල්ල ජාතික වනෝද්‍යානයේ වනජීවි නිලධාරීන් පැවසුවේ මියගිය වන අලි අවුරුදු 08,15 හා 20 වැනි වියේ පසුවූ අතර ඉන් 5 දෙනෙකු ගැහැණු සතුන් බවයි.

අසාධ්‍ය තත්ත්වයේ පසුවූ අලියාට ගිරිතලේ වනජීවී පශු වෛද්‍ය ඒකකයේ නිලධාරීන්, ප්‍රතිකාර ආරම්භ කර ඇත.

ඡායාරූප – Accident 1st

Related articles

Recent articles

error: Content is protected !!