27.9 C
Galle

නාමල් සහ මෝදි අතර හමුවක්

Published:

ඉන්දියාවේ පැවැත්වෙන “භාරතයේ පිබිදීම” සමුළුවට සහභාගී වීමට ගිය පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර හමුවක් සිදුව ඇතැයි වාර්තා වේ.

එම සමුළුවේ දී ඊයේ (08) නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා දේශනයක් ද පැවැත්වූයේ ය.

එහි දී ඔහු පවසා ඇත්ත් ශ්‍රී ලංකාවේ පැවැති ආර්ථික අර්බුදයට ප්‍රධානතම හේතුව දේශපාලන හේතූන් මත සංවර්ධන ව්‍යාපෘතීන් කල්යෑම බවයි. 2015 වසරේදී සාම්පූර් බලාගාරය ආරම්භවීමට නියමිතව තිබුණ ද එය කල්යෑමේ ප්‍රතිඵලයක් ලෙස බලශක්ති අර්බුදය ඇතිවූ බව ඔහු ද ඔහු සඳහන් කර ඇත. 2022දී ඇතිවූ මෙම බලශක්ති අර්බුදය පසුව මූල්‍ය අර්බුදයක් බවට පත්වූ බව ඔහු වැඩිදුරටත් පෙන්වා දී තිබේ.

අමෙරිකාවේ තීරුබදු සම්බන්ධයෙන් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙහිදී සඳහන් කර ඇත්තේ දකුණු ආසියාවේ සියලු ජාතීන් දේශපාලන බෙදීම්වලින් තොරව කලාපයේ හවුල්කාරීත්වය තහවුරු කිරීමට කටයුතු කළයුතු බවයි.

ඉන්දියානු සාගර කලාපයේ රටවල් නව වෙළෙඳ හවුල්කාරීත්වයක් ගොඩනගා ගතයුතු බවද ඔහු එහි දී අවධාරණය කර තිබිණි.

Related articles

Recent articles

error: Content is protected !!