27.9 C
Galle

බෝපේ පෝද්දල මුල් පුටුවට කාන්තාවක්

Published:

ගාලල දිස්ත්‍රික්කයේ බෝපේ පෝද්දල ප්‍රාදේශීය සභාවේ සභාපති ධූරයට මෙවර කාන්තාවක් පත්ව සිටියි. එම ප්‍රාදේශීය සභාවේ සභාපතිධූරයට පත් ප්‍රථම කාන්තාව වන්නේ ඇයයි. ජාතික ජන බලවේගයෙන් ප්‍රාදේශීය සභාවට තේරීපත් වූ ආකොක්කාවල ලියනගේ ජයමිණි අද (02) උදෑසන සිය ධූරයේ රාජකාරී ආරම්භ කළාය.

බෝපේ පෝද්දල ප්‍රාදේශීය සභාවේ උප සභාපතිධූරයට පත්ව සිටින්නේ වෘත්තියෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙක් ලෙස කටයුතු කළ ඉඳුනිල් තරංග වීරසිංහ මහතාය. බෝපේ පෝද්දල ප්‍රාදේශීය සභාවට පත්ව සිටින සභාපති, උප සභාපති ඇතුළු සියලු නියෝජිතවරු අද (02) එම සභාවට පැමිණ සිටි අතර ආගමික වතාවත් මධ්‍යයේ නව සභාපතිනිය රාජකාරී ආරම්භ කළාය.

එම අවස්ථාවට ගාල්ල දිස්ත්‍රික්කයේ ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිශාන්ත සමරවී මහතා ද, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සහ බෝපේ පෝද්දල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයකු වන චානක මාදුගොඩ මහතා සහභාගී වී සිටියහ

Related articles

Recent articles

error: Content is protected !!