තායිලන්තය විසින් ශ්‍රී ලංකාවට තෑගි කරන ලද අලි දෙදෙනකු නැවත ගෙන්වා ගැනීමට කටයුතු කරන බව තායිලන්ත රජය පවසයි.
තායිලන්තයෙන් මෙරටට පරිත්‍යාග කර දැනට දළදා මාළිගාවේ සහ කතරගම කිරිි වෙහෙර භාරයේ සිටින අලි දෙදෙනාට වද හිංසා ලබාදෙන බවත්, ඔවුන්ගේ ජීළුන තත්වය ඉතාමත් අහිතකර බවත් පවසමින් ඔවුන් නැවත තායිලන්තයට ගෙන්වා ගැනීම සළකා බැලීමට තායි රජය ශ්‍රී ලංකාව සමඟ ලබන 28 වැනි දා සාකච්ඡා කිරීමට නියමිතය.
තායිලන්තයේ නියෝජ්‍ය අගමැති සහ ස්වභාවික සම්පත් හා පරිසර අමාත්‍ය සුචාර්ට් චොම්ක්ලින් ඊයේ (23) සිය ෆේස්බුක් ගිනුමේ මේ බව සඳහන් කරමින් සටහනක් තබා ඇතැයි තායිලන්තයේ ක්‍රියාත්මක තායිගර් වෙබ් අඩවිය වාර්තා කර ඇත. ඔහු මේ පිළිබඳ සොයා බැලීමට ශ්‍රී ලංකාවට පැමිණෙයි.
මෙම ගැටළු මුලින්ම මතු කරනු ලැබුවේ පසුගිය වසරේ Reclaim Thai Elephant කණ්ඩායම විසිනි. කණ්ඩායමේ සම්බන්ධීකාරක යුවනුච් කියාටිවොං සහ සාමාජිකයින් 50 දෙනෙකු එක්ව, අලි ඇතුන්ගේ දුර්වල ජීවන තත්වයන් සම්බන්ධයෙන් පියවර ගන්නා ලෙස එරට රජයෙන් ඉල්ලා සිටින නිල ලිපියක් ඉදිරිපත් කර තිබිණි.
ඔවුන් පවසන්නේ ශ්‍රී ලංකාවට පරිත්‍යාග කර ඇති ඇතුන් දෙදෙනාගෙන් අධික ලෙස වැඩගන්නා බවයි. ඔවුන්ට නිසි සුබසාධන ප්‍රමිතීන් අහිමි වී ඇති බවත් එම සතුන් දෙදෙනා සෑම අවස්ථාවක දී ම දම්වැල්වලින් බැඳ ඇති බවත් එම සංවිධානය පෙන්වා දී ඇත. එම ඇතුන් දෙදෙනාගේ ජීවන තත්වය වඩාත් යහපත් කිරීම තහවරු වීම සඳහා ඔවුන් වහාම තායිලන්තයට රැගෙන එන ලෙස ඉල්ලීමක් කර ඇත.
නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ මේ ඇතුන් දෙදෙනා යළි සිය රට රැගෙන ඒමට අවශ්‍ය සියලු ආයතන සමඟ සම්බන්ධීකරණය කරමින් රාජ්‍ය තාන්ත්‍රික උත්සාහයක් ක්‍රියාත්මක කිරීමට අගමැතිවරයා සමඟ ද එකඟ වූ බවයි. කෙසේ වෙතත් මේ සඳහා කාලයක් ගතවනු ඇතැයි ද ඔහු සඳහන් කර ඇත.
ඊට අදාළ නිලධාරීන් සහ පශු වෛද්‍යවරුන් සමඟ, අලි ඇතුන්ගේ සෞඛ්‍ය සහ ජීවන තත්ත්වය තක්සේරු කිරීම සඳහා තායිලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇත. රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා දිගටම පවතින අතරතුර, නිසි සත්කාර ලබා දෙන ලෙස කණ්ඩායම දේශීය භාරකරුවන්ට උපදෙස් දෙනු ඇත.



