29.4 C
Galle

Clean Sri Lanka ගාල්ල කැත කරලා

Published:

වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් වෙරළෙන් ඉවත්කරන ලද කුණු තොගයක් ලෝක උරුමයක් වන ගාල්ල කොටුවට යන ප්‍රධාන මාර්ගයේ පසෙකින් ‍දැන් සති ගණනක් පුරා ගොඩගසා තිබෙනු දක්නට ලැබෙයි.

පසුගිය ජුනි මස 05 වැනි දිනට යෙදී තිබූ ජගත් පරිසර දිනය වෙනුවෙන් වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වෙනත් රාජ්‍ය ආයතන සහ ස්වේච්ඡා සංවිධාන සහභාගීත්වයෙන් වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක කරන ලදී.

ගාල්ල බාලදක්ෂ මාවත පසෙකින් ඇති වෙරළ පි‍රිසිදු කළ මෙම කණ්ඩායම එකතුකරන ලද කුණු තොගයක් පොහොර ගෝනිවල දමා බාලදක්ෂ මාවතේ ඇවිදින මංතීරුවේ ගොඩගසා තිබේ. දැන් එම කුණු තොගය එතැනට ගෙනවිත් දමා සති කිහිපයක් ගතවුව ද එම කුණු තොගය එලෙසම පවතින අයුරු දක්නට ලැබෙයි.

වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවට වෙරළේ ඇති කුණු පාරේ ගොඩගසන්නට අවසර ලැබුණේ කවර දිනක සිටදැයි ගාලු වැසියෝ ප්‍රශ්න කරති.

Related articles

Recent articles

error: Content is protected !!