24.8 C
Galle

ඇමෙරිකාවේ කාන්තාරයකින් විශ්මිත ලෝහ කණුවක් සොයාගනී

Published:

ඇමෙරිකාවේ යුටා කාන්තරායේ බැටළුවන් නිරීක්ෂණය කළ විද්‍යාඥයන් කණ්ඩායමකට අරුම පුදුම ලෝහ කණුවක් හමුවී තිබේ.

ඔවුන් හෙලිකොප්ටර් යානයක නැගී මේ කාන්තාරයේ සිටින බැටළුවන් නිරීක්ෂණය පිළිබඳ පරීක්ෂණයක් පවත්වා ඇත. ඔවුන් පවසන්නේ කාන්තාරයේ රතු පැහැති පාෂාණ අතර මේ අරුම පුදුම වස්තුව දැකගත හැකි වූ බවයි.

මෙය කවරකු විසින් කවර කාලයක ස්ථාපිත කරන ලද්දක් ද යන්න මෙතෙක් අනාවරණය වී නැත. හෙලිකොප්ටර් යානයේ නියමුවා වූ බ්‍රෙට් හචින්ස් දේශීය පුවත් නාලිකාවකට පවසා ඇත්තේ තමන් මේ කාන්තාරයට ඉහළින් වසර ගණනක් පියාසර කළ ද මෙවැන්නක් මින් පෙර කිසිම දිනයක දැක නොතිබූ බවයි.

අඩි 12ක් උසින් යුතු මේ කණුව මුළින්ම දැක ඇත්තේ හෙලිකොප්ටර් යානයේ සිටි ජීව විද්‍යාඥයකු විසිනි.

මේ කණුව ස්ථපිත කරන්නට ඇත්තේ ස්ටැන්ලි කුබ්රික් 1968 දී උධ්‍යක්ෂණ්‍ය කළ 2001 A Space Odyssey චිත්‍රපටයේ රසිකයකු විසින් හෝ නව රැල්ලේ කලා කරුවන් විසින් විය හැකි බවට මතයක් පවතී.

මේ සම්බන්ධ යූටා හි ආරක්ෂක අංශ සමාජ මාධ්‍ය ජාල සටහනක් තබමින් පවසා ඇත්තේ “මේ විශ්මිත දේ සිදුකළ පුද්ගලයාගෙන් දැනගන්න කැමැතයි මේ කුමක්ද කියලා ?” යනුවෙනි.

බහුතරයකගේ මතය වී ඇත්ත් මෙය මූර්ති ශිල්පියකු විසින් ඉතිරිකරන ලද කණුවක් විය හැකි බවයි.

Related articles

Recent articles

error: Content is protected !!