27.9 C
Galle

කොරෝනා ආසාදිත මවක සිව් නිවුන් දරුවන් බිහිකරයි

Published:

කොරෝනා ආසාදිත බව තහවුරු වූ, කොළඹ ‘ද සොයිසා’ කාන්තා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 29 හැවිරිදි මවක සිව් නිවුන් දරුවන් බිහිකර ඇතැයි වාර්තා වේ.

ද සොයිසා රෝහලේ අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය සාගරි කිරිවන්දෙනිය මහත්මිය පවසන්නේ සිසේරියන් සැත්කමකින් අද (17), මෙම කාන්තාව පිරිමි දරුවන් දෙදෙනෙකු සහ ගැහැණු දරුවන් දෙදෙනෙකු බිහිකළ බවයි. දරුවන් සිව් දෙනාම නිරෝගීව පසුවන බව ද රෝහල් අධ්‍යක්ෂිකාව වැඩිදුරටත් පැවසුවාය.

කොළඹ 10, කුප්පියාවත්ත ප්‍රදේශයේ පදිංචි මෙම කාන්තාව මීට සති දෙකකට පමණ පෙර දරු ප්‍රසූතිය සඳහා ද සොයිසා රෝහලට ඇතුළත් වී තිබුණි. එහිදී සිදු කළ PCR පරීක්ෂණයකදී ඇයට වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනා ගෙන තිබිණි.

ශ්‍රී ලංකාවේ, කොවිඩ් -19 ආසාදිත කාන්තාවක විසින් සිව් නිවුන් දරු උපතක් සිදුකළ පළමු අවස්ථාව මෙය බව පැවසේ.

Related articles

Recent articles

error: Content is protected !!