25 C
Galle

හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් සක්‍රිය කොරෝනා පොකුරක් ?

Published:

හම්බන්තොට දිස්ත්‍රික්කයේ කොරෝන පොකුරක් ඇතිවීමේ අවදානමක් ඇති බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි. ඔවුන් මේ බව ප්‍රකාශ කළේ අද (24) උදෑසන ද හම්බන්තොට දිස්ත්‍රික්කයේ ආසාදිතයන් 05 දෙනකු වාර්තාවීමත් සමගිනි.

එම ආසාදිතයන් අද වාර්තා වී ඇත්තේ තංගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් ආසාදිතයන් 03 දෙනෙක්, අම්බලන්තොට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් ආසාදිතයන් 01 අයෙක් සහ අගුණුකොළපැලැස්ස සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් ආසාදිතයන් 01 අයෙක් බැගින් වාර්තා වී ඇත.

සෞඛ්‍ය අංශ පවසන්නේ මෙම ආසාදිතයන් සියලු දෙනාම රන්න ප්‍රදේශයේ පිහිටි ඇඟළුම් කම්හලක සේවක සේවිකාවන්ගේ ආශ්‍රිතයන් බවයි. එම ඇඟළුම් කම්හලේ සේවක සේවිකාවන් විශාල පිරිසකගෙන් පීසීආර් පරීක්ෂණ සඳහා ජෛව සාම්පල ලබාගෙන ඇති අතර ඒවායේ ප්‍රතිඵල තවදුරටත් ලැබීමට නියමිතව තිබේ.

සෞඛ්‍ය අංශ පවසන්නේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ රන්න ඇඟළුම් කම්හල ආශ්‍රිතව දක්නට ලැබෙන ආසාදිතයන් සක්‍රීය කොරෝනා පොකුරක් බවයි.

Related articles

Recent articles

error: Content is protected !!