24.8 C
Galle

කොළඹ පුද්ගලික රෝහලක කාර්යමණ්ඩලයේ 04කට කොරෝනා

Published:

කොළඹ නාරාහේන්පිට පිහිටා ඇති පුද්ගලික රෝහලක පිරිස් කළමනාකරණ අංශයේ නිලධාරීන් තිදෙනකු හා කාර්යාල සේවකයකු කොරෝනා ආසාදිතයන් බවට හඳුනාගෙන ඇත.

මීට දින දෙකකට පෙර එහි කාර්යාලයේ සංග්‍රහ කටයුතුවල නිරතවන සේවකයා කොරෝනා ආසාදිත බවට හඳුනාගැනීමෙන් පසු පිරිස් කළමනාකරණ අංශයේ නිලධාරීන් 24 දෙනකු සඳහා කරන ලද පීසීආර් පරීක්ෂණවලින් අනෙක් තිදෙනා ආසාදිත බව ඊයේ හඳුනාගෙන තිබේ.

එම පුද්ගලික රෝහලේ සේවය කරන සියලුම නිලධාරීන්ට මුඛ ආවරණ පැළඳීම ආදී සෞඛය ආරක්ෂිත ක්‍රම අනුගමනය කරන ලෙස දැනුම් දී ඇතත් පිරිස් කළමනාකරණ අංශයේ සේවකයන් කාර්යාලය තුළ දී මුඛ ආවරණ පැළඳීමෙන් වැළකී සිටීම හේතුවෙන් ඔවුන් අතර වසංගතය පැතිරයාමට හේතුවක් වන්නට ඇති බව එහි සේවකයෝම කියති.

Related articles

Recent articles

error: Content is protected !!