24.8 C
Galle

බ්‍රිතාන්‍ය නව වෛරසය හඳුනාගැනීමට හැකියැයි වසංගත රෝග ප්‍රධානී කියයි

Published:

බ්‍රිතාන්‍යයෙන් හඳුනාගත් කොරෝනා නව ප්‍රබේදය ආසාදනය වූ පුද්ගලයන් ශ්‍රී ලංකාවේ සිටින්නේ ද යන්න සොයාගැනීමට හැකියාව මෙරට සෞඛ්‍ය අංශ සතුව ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර පවසයි.

මේ වනවිට බ්‍රිතාන්‍යයෙන් වයිරස නව ප්‍රබේද දෙකක් හඳුනාගෙන තිබේ. මුල්වරට එංගලන්තයෙන් හඳුනාගත් ප්‍රබේදය B-117 ලෙස නම්කර ඇති අතර අනෙක් ප්‍රබේදය දැනට දින 02 කට පෙර හඳුනාගෙන ඇත. එය දකුණු අප්‍රිකාවේ සිට බ්‍රිතාන්‍යයට පැමිණෙන්නට ඇතැයි පර්යේෂකයෝ කියති.

මෙම නව ප්‍රබේද දෙකම පුද්ගලයන් අතර වේගයෙන් පැතිරෙන නමුත් මාරාන්තික වීමේ ප්‍රතිශතයේ වෙනසක් නොමැති බවත් විද්‍යඥයෝ කියති.

ඒ පිළිබඳ අදහස් දැක්වූ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මෙසේ කීවේය.

“මීට කලින් හඳුනාගත් ඒවාට වඩා වේගයෙන් පැතිරෙනවා නමුත් ඊට වඩා මාරාන්තික නොවුණත්, වැඩි දෙනෙකුට දැඩි සත්කාරය අවශ්‍ය වෙනවා. මෙය හඳුනාගැනීමට ජාන විද්‍යාත්මක විශ්ලේෂණය කළ යුතුයි. ඒ සඳහා පහසුකම් අපේ රටේ තිබෙනවා. තිබෙනවා. ඒ නිසා පරීක්ෂණ පවත්වා හඳුනාගෙන එවැනි රෝගියෙක් හඳුනාගත්තොත් වහාම අවශ්‍ය පියවර ගෙන වෙනත් අය අතරට වයිරසය යාම පාලනය කිරීමට අවශ්‍ය පියවර මේ වනවිටත් අරගෙන තිබෙනවා.”

Related articles

Recent articles

error: Content is protected !!