26.7 C
Galle

ගාල්ලේ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය ඉවතට. වෛද්‍යවරු වර්ජනය අත්හරිති

Published:

නගරාධිපතිවරයාගේ මැදිහත්වීමෙන් ගනු ලැබූ පියවර කිහිපයක් හේතුවෙන් හෙට (28) සිට වැඩ වර්ජනයේ යෙදීමට සිටි වෛද්‍යවරු එය අත්හිටුවීමට තීරණය කළ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ගාල්ල ශාඛාවේ ලේකම් වෛද්‍ය මංජුල ද සොයිසා පවසයි.

ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ සේවය කරන වෛද්‍යවරු ඇතුළු කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව තහවුරු කරන ලෙසත්, වෛද්‍යවරයාට බැන වැදුණු බව කියන නියෝජ්‍ය නගරාධිපතිවරයා ලිඛිතව සමාව ගත යුතු බවටත් වෛද්‍යවරුන් විසින් දැනුම් දී තිබූ අතර එසේ නොවන්නේ නම් හෙට සිට අඛණ්ඩ වැඩ වර්ජනයක නිතරවන බව ද දන්වා තිබිණි.

මේ සම්බන්ධයෙන් මැදිහත් වූ ගාල්ල නගරාධිපති ප්‍රියන්ත සහබන්දු ගාල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය නගර සභාවෙන් තාවකාලිකව ඉවත්කර දංගෙදර රෝහල් සිටි ස්ථානයේ පිහිටි සායන ගොඩනැගිල්ලේ පවත්වාගෙන යාමට කටයුතු යොදා ඇත. අද (27) සිට එය එම ස්ථානයේ දී ක්‍රියාත්මක වෙයි.

එමෙන් ම හෙට (28) දිනයේ නගර සභාවේ සියලුම මන්ත්‍රීවරු කැඳවා විශේෂ රැස්වීමක් පවත්වා එම සිද්ධිය සම්න්ධයෙන් සාධාරණ තීරණයක් ගන්නා බව ද දැනුම් දීම හේතුවෙන් මෙලෙස වර්ජනය අත්හැර දමා ඇත.

Related articles

Recent articles

error: Content is protected !!