26.7 C
Galle

ධම්මික පැණිය බී කොරෝනා හැදුණු අයකු රෝහලට

Published:

වරකාපොළ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිත පුද්ගලයන් 12 දෙනකු හඳුනාගෙන ඇති බවත් ඒ අතර කෑගල්ලේ ධම්මික පැණිය පානය කළ අයකු සිටින බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.

එම කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක හේමන්ත කුමාර පවසන්නේ මේ රෝීන් අතර තුල්හිරිය ඇඟළුම් ආයතනයක තිදෙනෙක්, තල්ලියද්දේ දෙදෙනෙකු, නිවටුව එක් අයෙක්, දුම්මලදෙණියේ එක අයෙක්, වේරගල දෙදෙනෙක්, ඔත්නාපිටියේ තිදෙනකු සිටින බවයි.

ධම්මික බාස්ගේ පැණිය පානය කිරීමෙන් පසුව ද කොරෝනා ආසාදනය වී ඇත්තේ ඔත්තානපිටියේ අයෙකුට බව ද මහජන සෞඛය පරීක්ෂකවරයා පවසයි. මෙම පිරිස රෝහල්ගත කර ඇති බවත්, ඔවුන්ගේ පවුල්වල සාමාජික සාමජිකාවන් ඇතුළු ආශ්‍රීතයන් නිරෝධායනයට යොමුකර ඇති බවත් වරකාපොළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.

මේ අතර පසුගිය කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවේ දී සම කැබිනට් ප්‍රකාශක වැවිළි අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ කෑගල්ලේ ධම්මික පැණියට ආයුර්වේද අනුමැතිය දී ඇතැයි කීව ද අප කළ විමසීමක දී අනාවරණය වූයේ ආයුර්වේද දෙපාර්තමේන්තුවේ සූත්‍ර කමිටුවෙන් එවැනි අනුමැතියක් දී නැති බවයි. එසේ වුව ද ඒ සඳහා පත්කරන ලද විශේෂ කමිටුවක් එම පැණිය අතිරේක ආහාරයක් ලෙස සුදුසුයැයි නිර්දේශ කර ඇති බව ද ආයුර්වේද දෙපාර්තමේන්තුව පවසයි. සූත්‍ර සාමාජිකයක් කියා සිටියේ වෙනත් කමිටුවලින් ලබාදෙන අනුමත කිරීම් සඳහා තමන් කිසිසේත්ම වගකියන්නේ නැති බවයි.

Related articles

Recent articles

error: Content is protected !!