27.4 C
Galle

දකුණේ ආසාදිතයන් තවත් වැඩි වෙයි

Published:

දකුණු පළාතේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව අද (29) සවස් වනවිට තවත් ආසාදිතයන් 32කින් ඉහළ ගොස් තිබිණි.

ගාල්ල දිස්ත්‍රික්කයෙන් අද (29) ආසාදිතයන් 14 දෙනකු වාර්තා වූ අතර මාතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 18 දෙනකු වාර්තා වී තිබිණි. මේ අනුව දකුණු පළාතේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව අද (29) මේ වනවිට 925ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ගාල්ල දිස්ත්‍රික්කයෙන් වැඩිම ආසාදිතයන් පිරිසක් වාර්තා වී ඇත්තේ බෝපේ පෝද්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙනි. එම සංඛ්‍යාව 12කි. මීට අමතරව රත්ගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් හා හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් එක් ආසාදිතයකු බැගින් වාර්තා වී ඇත.

මාතර දස්ත්‍රික්කයේ දික්වැල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන් ආසාදිතයන් 10 දෙනකු වාර්තාවන අතර වැලිගම සෞඛය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් ආසාදිතයන් 04 දෙනකු සහ වැලිපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් ආසාදිතයන් 03 දෙනෙක් වාර්තාවෙයි. කඹුරුපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් ද එක් ආසාදිතයකු වශයෙන් මාතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 18 දෙනකු අද වාර්තා වී ඇත.

Related articles

Recent articles

error: Content is protected !!