27.4 C
Galle

මළ සිරුරු හැකි ඉක්මණින් ආදාහනය කළ යුතුයිි. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්

Published:

කොවිඩ් ආසාදිත මළ සිරුරු භූමදානය කිරීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු අවසරයක් ලබා දී නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

කොවිඩ් ආසාදිත මළ සිරුරු ආදාහනය කිරීම පිළිබඳ පවතින තීරණයේ වෙනසක් නොමැති බව ද පැවසු 
වෛද්‍යවරයා, සමාජ මාධ්‍ය ඔස්සේ මේ පිළිබඳ වැරදි මතයක් ප්‍රචාරය කරමින් සිටින බව ද පැවසිය.

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා මෙසේ කීවේය.

“අපි කොහෙවත් භූමදානයට අවසර දීලා නෑ. කොවිඩ්  – 19 පොසිටිව් මරණයක් නම් එය අනිවාර්යයෙන් ම ආදාහනය කළ යුතුයි. ඒ ස්ථීර තීරණය තමයි සෞඛ්‍ය අමාත්‍යාංශය තවමත් ඉන්නේ. අපි මේ පිළිබඳව විශේෂ කමිටුවක් පත්කරලා තමයි මේ තීරණයට ගිය මාර්තු මාසයේ පැමිණියේ. අපි මේ පිළිබඳ වෛරස් විශේඥයින්ගෙන් සමන්විත කමිටුවක් පත්කරලා තියෙනවා. ඒකේ වාර්තාව ලැබෙනකල් අපි බලන් ඉන්නවා. එතකොට මේ පිළිබඳ නැවත වරක් සාකච්ඡාවක් තියලා අපි මේ තීරණයේ වෙනසක් තියෙනවා නම්, අපි මහජනතාවට දැනුම් දෙනවා. එතකල් අපේ තීරණය සියලුම කොවිඩ් – 19 ආසාදිත වු මරණ ආදාහනය කළ යුතුයි. එය හැකි ඉක්මනින් ආදාහනය කළ යුතුයි. සෞඛ්‍ය අමාත්‍යාංශය වශයෙන් ඒ තීරණයේ කිසිදු වෙනසක් නෑ.“

Related articles

Recent articles

error: Content is protected !!