26 C
Galle

ධම්මික පැණිය බී විදෙස් ගතවීමට ගිය පුද්ගලයා පදියතලාව රෝහලට

Published:

විදෙස්ගත වීමට ඇති අවශ්‍යතාව හේතුවෙන් කෑගල්ලට ගොස් කාලි ආරූඪයෙන් නිෂ්පාදනය කර ඇති ධම්මික පැණිය ලබාගෙන එය පානය කළ පුද්ගලයකු කොරෝනා ආසාදිතයකු වීම හේතුවෙන් පදියතලාව රෝහලට ඇතුළත් කළ බව කෑගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.

මෙම පුද්ගලයා හෙට්ටිමුල්ලේ පදිංචිකරුවෙකි. විදේශ ගතවීමේ අවශ්‍යතාව මත පසුගිය 25 වැනි දා ඔහු පීසීආර් පරීක්ෂණයකට යොමු වී තිබිණි. එහි ප්‍රතිඵල අනුව මෙම පුද්ගලයා කොරෝනා ආසාදනය වූ අයකු බව තහවුරු වී ඇත.

කෑගල්ල සෞඛය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ බුළුගහදෙණිය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා පවසන්නේ මෙම තැනැත්තා විදෙස් ගතවීමේ අවශ්‍යතාව නිසාම ධම්මික පැණිය පානය කිරීමේ අරමුණින් පසුගිය දෙසැම්බර් 08 වැනි දා පාන්දර 04 සිට පැණිය ලබාගැනීම සඳහා පැය හතරක පමණ වේලාවක් දිගු පෝළිමක සිටිියේ යැයි අනාවරණය වූ බවයි. එමෙන්ම තමන්ට එම පැණිය ලබාගැනීමට කියූ නියමිත මාත්‍රාවටම එය පානය කළ බව ද ඔහු පවසා ඇත.

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසන්නේ මේ වනවිට ඔහු පදියතලාව රෝහලේ විශේෂ කොරෝනා ප්‍රතීකාර ඒකකයට යොමුකර සිටින බවයි.

Related articles

Recent articles

error: Content is protected !!