27.9 C
Galle

මූලාශ්‍රයක් නැති කොරෝනා මරණයක් ගලේවෙල රෝහලේ

Published:

ගලේවෙල පුවක්පිටියේ පදිංචිකරුවකු කොරෝනා ආසාදනය වී මියගොස් ඇතැයි ගලේවෙල රෝහල් ආරංචිමාර්ග සඳහන් කරයි.

මෙලෙස මියගොස් ඇත්තේ 46 හැවිරිදි ව්‍යාපාරිකයෙකි. ශ්වසන අපහසුතා හේතුවෙන් ගලේවෙල රෝහලට රැගෙන යමින් සිටි යදී ඔහු මියගොස් ඇති අතර මළ සිරුරෙන් සාම්පල රැගෙන කරන ලද පීසීආර් පරීක්ෂණයකින් ඔහු කොරෝනා ආසාදිත අයකු බව තහවරු වී තිබේ.

මෙම පුද්ගලයාට කොරෝනා ආසාදනය වූ ආකාරය අනාවරණය කරගත නොහැකි බවත් ඔහු මියයන තුරුම විශාල පිරිසක් ඇසුරු කර ඇති බවත් සෞඛ්‍ය අංශ පවසයි.  

Related articles

Recent articles

error: Content is protected !!