27.9 C
Galle

ආසාදිත රැඳවියන් පළාගිය බසයේ ගියානම් නිරෝධායනය වෙන්න

Published:

පොළොන්නරුව, ගල්ලෑල්ල කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයේ සිටිය දී පළාගිය රැඳවියන් පස් දෙනා අද (31) උදෑසන පොළොන්නරුවෙන් ගමන් ආරම්භ කළ NB-9268 අංක දරණ බසයේ ගමන්කර ඇතැයි අනාවරණය වූ ව පොලිසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ පවසන්නේ එම බසයේ ගමන් කළ සියළුම මගීන් මේ හේතුවෙන් ස්වයං නිරෝධායනයට යොමුවිය යුතු බවයි. මේ බසය අද උදෑසන 5.45ට පොළොන්නරුවේ සිට කොළඹ දක්වා ගමන් ආරම්භ කර ඇත. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසන්නේ මේ බසය පොළොන්නරුව-මාතර පුවරුව සහිතව ධාවනය වී ඇති බවයි. මෙම පස්දෙනා කුරුණෑගල දක්වා බසයේ ගමන් කර ඇති බවත් ඔවුන් කුරුණෑගලින් බසයෙන් බැස ඇති බවටත් තොරතුරු තිබෙන බව හෙතෙම වැඩිදුරටත් කිවේය.

පළාගිය පස්දෙනාගෙන් එක් අයකු අද සවස හලාවත මාදම්පේ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ

Related articles

Recent articles

error: Content is protected !!