26.8 C
Galle

කියුබානු යානයක් කඩාවැටී 05ක් මරුට

Published:

කියුබාවේ නැගෙනහිර කඳුකර ප්‍රදේශයේදි හමුදාවට අයත් හෙලිකොප්ටරයක් අනතුරට ලක්වීමෙන් එහි ගමන්ගත් කාර්යමණ්ඩලයේ 05දෙනාම මියගොස් තිබේ.

නැගෙනහිර හොල්ගුයින් පළාතේ සිට කෙටි ගුවන් ගමනක්  සඳහා ග්වන්තනාමෝ ප්‍රදේශයට ගමන්ගත් යානයක් මෙලෙස අනතුරට පත්වී ඇතැයි කියුබානු රජය පවසයි.වැඩිදුර තොරතුරු නිකුත් කර නොමැති අතර අනතුරට හේතුව විමර්ශනය කරමින් පවතින බව කියුබානු රජය විසින් නිකුත් කර ඇති ප්‍රකාශයේ සඳහන් වේ.කියුබානු විප්ලවවාදී සන්නද්ධ හමුදාව පවසන්නේ යානය උස් කඳුකර ප්‍රදේශයට කඩාවැටී ඇති බවයි.

https://www.reuters.com/article/us-cuba-crash/helicopter-crash-in-cuba-kills-five-crew-members-idUSKBN29Z05S

Related articles

spot_img
error: Content is protected !!