26.8 C
Galle

ඉක්වටෝරියල් ගිනියාවේ පිපිරීම් රැසක්

Published:

අප්‍රිකානු රටක් වන ඉක්වටෝරියල් ගිනියාවේ සිදුවූ පිපිරීම් මාලාවකින් පසු මියගිය සංඛ්‍යාව 31ක් දක්වා ඉහල ගොස් තිබේ. තුවාල ලැබූ සංඛ්‍යාව 600 ක් පමණ වන බව බලධාරීහු පවසති.

එරට අගනුවර වන බටාහි හමුදා කඳවුරක ඉරිදා (07) මෙම පිපිරීම් සිදුවිය.

කඳවුරේ තිබූ ඩයිනමයිට් ඇතුළු පුපුරණ ද්‍රව්‍ය ගබඩාවක් මෙලෙස පුපුරා ගියේය.

අසල ගොවිබිම්වල පිදුරු ගිනිතැබීමේදී ඇතිවූ ගිනි පුපුරු මගින් පුපුරණ දුව්‍ය ගබඩාවට ගිනි ඇවිලෙන්නට ඇතැයි විශ්වාස කරන බව පොලිසිය පවසයි.

පුපුරා ගිය ගොඩනැගිලි සුන්බුන් අතර තවත් සිරුරු තිබියහැකි බැවින් මියගිය සංඛ්‍යාව තවදුරටත් ඉහලයා හැකි බව පැවසේ.

නගරයේ සියලුම ගොඩනැගිලි හා නිවාස වලට දැවැන්ත හානියක් සිදුව ඇති බව ජනාධිපති ටයොඩෝරෝ ඔබියාංලුමා පැවසීය.

ජනාධිපතිවරා වැඩිදුරටත් පවසන්නේ හමුදා කඳවුරේ නොසැලකිලිමත්කම හේතුවෙන් මෙම පිපිරීම සිදුව ඇති බවයි. ජනාධිපතිවරයා ජාත්‍යන්තර ආධාර ද ඉල්ලා ඇත.

මෙය ඉතිහාසයේ සිදුවූ දැවැන්තම මානුෂීය ව්‍යසනය බව විරුද්ධ පක්ෂය වන සීපීඩීඑස් පවසයි.

https://www.bbc.com/news/world-africa-56311677

Related articles

spot_img
error: Content is protected !!