26.9 C
Galle

ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා කමිටුවක් පත්කරන ලෙස නීතිපතිගෙන් උපදෙස්

Published:

ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා නව නිලධාරී මණ්ඩලයක් පත්කරන තුරු කමිටුවක් පත්කරන්න යැයි නීතිපතිවරයා දැනුම් දී තිබේ.

හිටපු නිලධාරී මණ්ඩලයේ නිල කාලය පසුගිය පෙබරවාරි 20 වැනි දා අවසන් වූ බැවින් ඉදිරියේ නිලවරණයක් පවත්වා නව නිලධාරීන් පත්වනතුරු මෙම කමිටුව පත්කරන ලෙස දන්වා ඇත.

කොල්ට්ස් ක්‍රීඩා සමාජය විසින්, හිටපු නිලධාරී මණ්ඩලය තවදුරටත් කටයුතු කිරීම නීති විරෝධී යැයි ක්‍රීඩා අමාත්‍යවරයාට යොමුකරන ලද විරෝධතාවක් අමාත්‍යවරයා විසින් නීතිපතිවරයා වෙත යොමුකර තිබිණි. එය සළකා බැලීමෙන් පසු නීතිපතිවරයා මෙම උපදෙස් දී ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් මීළඟ නිලවරණය ලබන මැයි මස 20 වැනිදා පැවැත්වීමට නියමිතය.

Related articles

spot_img
error: Content is protected !!