28.1 C
Galle

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට, ඕස්ට්‍රේලියාවේ හිටපු ප්‍රධාන පුහුණුකරු ගැනීමේ තැතක් ?

Published:

ශ්‍රී ලංකා‍ ජාතික ක්‍රිකට් කණ්ඩාය‍මේ ප්‍රධාන පුහුණුකරු ලෙස ඕස්ට්‍රේලියා කණ්ඩායමේ හිටපු ප්‍රධාන පුහුණුකරු ජස්ටින් ලැන්ගර් පිළිබඳ අවධානය යොමුවී ඇති බව අරවින්ද ද සිල්වා පවසයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් තාක්ෂණික උපදේශක කමිටුවේ සභාපතිවරයා ලෙස කටයුතු කරන අරවින්ද ඕස්ට්‍රේලියාවේ මාධ්‍යයකට පවසා ඇත්තේ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ පුහුණුකරු වීමට “පියකු” අවශ්‍ය බවයි. ජස්ටින් ලැන්ගර් පියකුගේ භූමිකාව ඉටු කරන්නේ නම් ඒ ගැන උනන්දුවන බව ද අරවින්ද පවසා ඇත.

මිකී ආතර් ප්‍රධාන පුහුණුකරු තනතුරෙන් ඉවත්වීමෙන් පසු මේ දක්වා ම ස්ථිර පුහුණුකරුවකු නොමැත. මේ වනවිට ශ්‍රී ලංකා කණ්ඩායමේ ඕස්ට්‍රේලියා සංචාරයේ දී රුමේෂ් රත්නායක තාවකාලික පුහුණුකරු ලෙස කටයුතු කරමින් සිටියි.

Related articles

spot_img
error: Content is protected !!