27.1 C
Galle

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ප්‍රපාතයටම වැටෙයි

Published:

මීළඟ ක්‍රිකට් ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලබන කණ්ඩායම් ලේඛනයේ ශ්‍රී ලංකා කණ්ඩායම පහතටම වැටී ඇතැයි ICC නිකුත් කළ ලකුණු සටහන අනුව දැක්වේ.

ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ එම ලේඛනයේ 11 වැනි ස්ථානයයි. ලෝක කුසලාන ද දිනාගත් අවස්ථා දෙකක දී ‍ලෝක අනුශූරයන් වූ ශ්‍රී ලංකාව එවැනි පසුබෑමකට ලක්ව සිටිය දී ඇෆ්ගනිස්ථාන මෙ ලකුණු සටහනේ 04 වැනි ස්ථානයේ රැඳී සිටියි. ඒ එංගලන්තය, ඕස්ට්‍රේලියාව හා නවසීලන්තය පමණක් පසුපසින් සිටිමිනි. ලෝක කුසලාන සුපිරි ලීගයට අයත් තරග තුනකට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායම එම තරග තුනම පරාජය වීම හේතුවෙන් තවමත් ප්‍රසාද ලකුණු කිසිවකට හිමිකම් නොකියන අතර පසුගිය බටහිර ඉන්දීය තරඟාවලියේ දී ප්‍රසාද ලකුණු දෙකක දඬුවමක් ලබා ඇති බැවින් මීළඟට මුහුණ දීමට ඇති තරඟාවලිය ජයගත්ත ද ලකුණු 10ක් හිමිවන්නේ නැත. හිමිවන්නේ ප්‍රසාද ලකුණු 08ක් පමණි. සුපිරි ලීගයේ පළමු කණ්ඩායම් 08 අතරට පිවිසීමට ශ්‍රී ලංකා කණ්ඩායම අපොහොසත් වුවහොත් සුදුසුකම් ලැබීමේ තරඟාවලියකට සහභාගී වීමට සිදුවෙයි

Related articles

spot_img
error: Content is protected !!