31.6 C
Galle

හග්ගල මහ වංගුවේ දී ලොරියක් නිවසක් මතට පෙරැළේ

Published:

නුවරඑළිය හග්ගල මාර්ගයේ ලොකු වංගුව නම් ප්‍රදේශයේ දී සහල් ප්‍රවාහනය කරමින් තිබූ ලොරියක් මාර්ගයෙන් ඉවතට පැන නිවසක් මතට පෙරැළී ඇතැයි පොලිසිය පවසයි.

අද (30) උදෑසන 8.15 ට පමණ මෙම අනතුර සිදුව ඇත. එම ලොරිය මහනුවර සිට වැලිමඩ දක්වා ධානය කර තිබේ. අනතුරින් ලොරි රථ රියදුරා සහ සහාකයා තුවාල ලබා නුවරඑළිය මහ රෝහලට ඇතුළත් කර ඇත.

මෙම ස්ථානයේ මාරක අනතුරු කිහිපයක් ම සිදුව ඇති බැවින් වේග සීමා පනවා ඇති අතර වේග පාලනය කිරීමේ බාධක ද යොදා ඇත.

පොලිසිය පවසන්නේ ලොරියේ ඇතිවූ කාර්මික දෝෂයක් හේතුවෙන් මෙම අනතුර සිදුව ඇතැයි සැකකරන බවයි.

Related articles

spot_img
error: Content is protected !!