29.4 C
Galle

ශ්‍රී ලංකා – ඉන්දියා ක්‍රිකට් තරඟාවලිය කල් යයි

Published:

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර අඟහරුවාදා ආරම්භවීමට නියමිතව තිබූ ක්‍රිකට් තරඟාවලිය කල් දමනු ඇතැයි Cricinfo වෙබ් අඩවිය වාර්තා කරයි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණු කාර්ය මණ්ඩල සාමාජිකයන් දෙදෙනකුට කොරෝනා 19 ආසාදිත බව තහවුරු වීම හේතුවෙන් මේ තත්ත්වය උදාවී ඇත.

මේ අනුව ලබන 13 වැනි දා ආරම්භවීමට නියමිත එක්දින තරඟාවලිය 17 වැනි දා දක්වා කල් දැමීමට නියමිතය. ඉන් පසු දෙවන හා තෙවැනි තරඟ ජූලි 19 සහ 21 පැවැත්වෙයි.

විස්සයි – 20 තරඟාවලිය ජූලි 24 වැනි දා ආරම්භ වෙයි.

Related articles

spot_img
error: Content is protected !!