26.8 C
Galle

තවත් දැරියක් අප‍යෝජන සිද්ධියකට 05 අත්අඩංගුවට තවත් පිරිස් සොයා මෙහෙයුම්

Published:

නාවලපිටියේ පදිංචි 13 හැවිරිදි දැරියක් අපයෝජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඇගේ පියා ඇතුළු පුද්ගලයන් 05 දෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ පවසයි.

අත්අඩංගුවට ගත් අය අතර දැරිය අපයෝජනය කිරීමට ආධාර අනුබල දුන් කාන්තාවක් ද සිටියි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ කියා සිටියේ ඔවුන් 05 දෙනා ම රක්ෂිත බන්ධනාගාර කර ඇති අතර මෙම සිද්ධියට සම්බන්ධ වූ බවට තොරතුරු ලැබී ඇති තවත් 06 දෙනකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කරමින් සිටින බවයි.

Related articles

spot_img
error: Content is protected !!