31.1 C
Galle

අතුරුදන් තරුණිය සොයා හමුදා මෙහෙයුම් දිගටම

Published:

ඩෙවෝන් දිය ඇල්ල නැරඹීමට ගොස් අතුරුදන් ව සිටින මනි පවිත්‍රා නමැති 19 හැවිරිදි තරුණිය සොයා තවදුරටත් මෙහෙයුම් සිදුකරන බව යුද හමුදාව පවසයි.

ඇය ඉකුත් 18 වැනි දා දහවල් මිතුරියන් තිදෙනකු සමඟ ඇල්ල නැරඹීමට පැමිණ තිබිණි. ඇල්ලට ඉහළින් ඇති ගල්තලාවට බැස ඡායාරූප ගන්නා ලෙස මිතුරියන්ට පවසා තරමක් ඉදිරියට යද්දී ඇය ඇද වැටුණු බව අනෙක් තරුණියන් පොලිසියට පවසා ඇත.

අතුරුදන් වූ තරුණිය තලවකැලේ, ලිඳුල වොල්ට්‍රිම් වත්තේ පදිංචිව සිටි අයෙකි.

මෙතෙක් ඇගේ සිරුර හමු නොවූ බැවින් යුද හමුදාවේ 58 වැනි සේනාංක අධිපති ජනරාල් චම්පික රණසිංහගේ උපදෙස් පරිදි හැටන් කොටගල 05 විජයබා රෙජිමේන්තුව සහ කමනාඩේ සෙවීම් හා මුදවා ගැනීමේ මෙහෙයුම් නිලධාරීන් තරුණිය සොයා තවදුරටත් මෙහෙයුම් සිදුකරමින් සිටියි.

Related articles

spot_img
error: Content is protected !!