27.2 C
Galle

රාජ්‍ය සේවකයන් කැඳවීමේ වෙනසක් ගැන පාර්ලිමේන්තුවේ දී කියයි. චක්‍රලේඛය ඉදිරියේ දී

Published:

රාජ්‍ය සේවකයන් රාජකාරී සඳහා කැඳවීම මුර දෙකකට කැඳවීම සඳහා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවැති රැස්වීමක දී තීරණය කළ බව ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන අද (05) පාර්ලිමේන්තුවේ දී කීවේය.

මීට අමතරව රාජ්‍ය සේවයේ නිරතව සිටින ගැබිනි සේවිකාවන්ට නිවසේ සිට රාජකාරී සඳහා අවසර දීමට ද තීරණය කර ඇත.

මෙම තීරණ වලට අදාල චක්‍රලේඛ රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් ඉක්මණින් නිකුත් කෙරෙනු ඇතැයිද ඔහු සඳහන් කළේය.

Related articles

spot_img
error: Content is protected !!