28.3 C
Galle

පාස්කු ප්‍රහාර‍යේ සැකකරුවන් 25ට නඩු. අධි චෝදනා 23,000ක්

Published:

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් අධි චෝදනා 23,270ක් යටතේ සැකකරුවන් 25 දෙනකුට එරෙහිව නීතිපතිවරයා කොළඹ මහාධිකරණය හමුවේ ඊයේ (10) නඩු පවරා තිබේ.

2019 අප්‍රේල් මස 21 වැනි දින ශ්‍රී ලකාවේ ස්ථාන 08ක දී එල්ලකරන ලද ‍ප්‍රහාර සම්බන්ධයෙන් මෙම නඩු පවරා තිබේ. එය විශේෂ අධිකරණමය කටයුත්තක් සේ සළකා විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් මුවේ විභාග කරන ලෙස ද නීතිපති සංජය රාජරත්නම් අගවිනිසුරු ජයන්ත ජයසූරියගෙන් ඉල්ලීමක් කර තිබේ.

පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු බව කියන නවුෆර් මවුලවි, සාජිත් මවුලවි, මොහොමඩ් මිල්හාන්, සාදික් අබ්දුල්ලා, ආදම් ලෙබ්බේ නොහොත් ගෆර් මාමා, මොහොමඩ් සහන්ඩීන්, මොහොමඩ් රිස්වාන් ඇතුළු විත්තිකරුවන් 25දෙනකුට එරෙහිව මෙම නඩු ගොනුකර තිබේ.

පුපුරන ද්‍රව්‍ය සහ ආයුධ එක්රැස් කිරීම, කුමන්ත්‍රණය කිරීම යන අධි චේදනා 23,270ක් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ගොනුකර තිබේ.

Related articles

spot_img
error: Content is protected !!