29.4 C
Galle

බලපිටිය රෝහලේ වාට්ටුවක් තාවකාලිකව වසා දමයි

Published:

බලපිටිය මූලික රෝහලේ අංක 01 වාට්ටුවේ හෙදියක් කොරෝනා ආසාදිතයකගේ සමීපතයෙක් බව හෙළිවීම හේතුවෙන් එම වාට්ටුව තාවකාලිකව වසා දැමූ බව රෝහල් ප්‍රකාශකයකු කීවේය.

මේ අනුව එම වාට්ටුවට පිටතින් කිසිවෙකුට ඇතුළුවීමට ඉඩ නොලැබෙයි. සේවා මුර සඳහා ද කිසිවෙකුට පැමිණිය නොහැකි අතර වාට්ටුවේ සිටින වෛද්‍යවරු ඇතුළලු කාර්ය මන්ඩලය ද එම වාට්ටුවේ ම රැඳී සිටිති.

පීසීආර් පරීක්ෂණයක් සඳහා අද (23) අදාල හෙදියගෙන් ජෛව සාම්පල ලබාගෙන ඇති අතර එම වාර්තා ලැබෙන තුරු මෙලෙස වාාට්ටුව තාවකාලිකව වසා තබා වාර්තාව අනුව ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කරන බව ද රෝහල් ප්‍රකාශකයා කීවේය.

Related articles

spot_img
error: Content is protected !!