30 C
Galle

alexa.com නවතා දමන බව එම ආයතනය නිවේදනය කරයි

Published:

වසර 25කට පෙර ආරම්භකර මෙතෙක් පවත්වාගෙන ආ alexa.com  වෙබ් අඩවිය 2022 මැයි මස 01 වැනි දින සිට වසා දමන බව එම ආයතනය නිවේදනය කර තිබේ.

ලෝකයේ වෙබ් අඩවි භාවිතාකරන ඩිජිටල් පරිශීලකයන් ප්‍රමාණය සහ ඔවුන් එය භාවිතා කරන වාර ගණන සොයා ගැනීමටත් ලෝකය පුරාම වෙබ් අඩවි සඳහා ඇති තදබදය ස්වයංක්‍රීයව ගණනය කර ඒවා ශ්‍රේණිගත කිරීම alexa.com වෙබ් අඩවිය මගින් සිදුකෙරිණි.

මෙය වෙබ් අඩවි ප්‍රවර්ධනය සඳහා අත්‍යාවශ්‍ය මෙන්ම වැදගත් දත්ත සමුදායක් ලබාදුන් සේවාවකි. විශේෂයෙන් ම ඩිජිටල් දැන්වීම්කරණයේ දී වෙබ් අඩවියක් ප්‍රේක්ෂක අවධානය දිනාගන්නා ප්‍රමාණය දැනගැනීමට එය වඩාත් මහෝපකාරී විය.

අන්තර්ගත පර්යේෂණ සහ තරඟකාරී විශ්ලේෂණය ඇතුළු දත්ත ලබාදුන් මෙම වෙබ් අඩවිය 2022 මැයි 01 වැනි දින සිට නවතා දැමුව ද දෙසැම්බර් මස 15 වැනි දා දක්වා දත්ත ලබාදීම සිදුකරයි. ඒ පසුගිය 2021 දෙසැම්බර් 08 වැනි දා දක්වා මුදල් ගෙවා දත්ත සැපයුම් ලබාගත් දායකයන් වෙනුවෙනි. ඒ අනුව ඔවුන්ට ද සේවා සැපයීම දෙසැම්බර් 15 වැනි දා ට අවසන් වීමට නියමිතය.

මාසිකව දත්ත දායකත්වය ලබාගන්නා අයට අවසන් බිල්පත් දිනය වන්නේ 2022 අප්‍රේල් මස 01 වැනි දිනයයි.

https://www.alexa.com/login

Related articles

Recent articles

error: Content is protected !!