28.7 C
Galle

රටේ ප්‍රදේශ කිහිපයකට වැසි ඇතිවෙයි

Published:

බෙංගාල බොක්කේ ඇතිවී තිබෙන පීඩන අවපාතය ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ ප්‍රදේශ කිහිපයකට වැසි ඇතිවනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම ගැඹුරු පීඩන අවපාතය ඊසාන දිග වෙරළ ආසන්නයෙන් ගගමන්කර ඉදිරි පැය 36 ඇතුළත ඉන්දියාවට ඇතුළුවනු ඇතැයි ද අනාවැකි පළකර ඇත.

මේ හේතුවෙන් උතුරු, උතුරුමැද පළාත්වලත්, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

හම්බන්තොට සහ අම්පාර දිස්ත්‍රික්කවල අද (05) උදෑසන වැසි ඇතිවිය හැකි අතර,

ඌව පළාතේත්, රත්නපුර, හම්බන්තොට සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැන තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව ද කාර්ය භාර කාලගුණ විද්‍යාඥවරයා පවසයි.

මේ අතර උතුරු හම්බන්තොට සිට ත්‍රිකුණාමලය හරහා කන්කසන්තුරය දක්වා මුහුදු ප්‍රදේශවල නැවත දැනුම් දෙනතුරු ධීවර සහ නාවික කටයුතුවලින් ඈත්ව සිටින ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි.

Related articles

spot_img
error: Content is protected !!