28.9 C
Galle

විශ්වාසභංගය ගැන ශ්‍රීලනිප සැකයෙන්

Published:

ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගයක් තනි පක්ෂයක වුවමනාවට ගෙනඒමට නොහැකි යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසයි.

එම පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසන්නේ ආණ්ඩුවට විරුද්ධව විශ්වාසභංගයක් ගෙනඑන්නේ නම් සියලු පක්ෂ සමඟ සාකච්ඡාවකට පැමිණිය යුතු බවයි.

මේ සඳහා හිස් කොළවලට අත්සන් තැබිය නොහැකි බව ද ඔහු කියා සිටියේය. ඔහු මේ බව කියා සිටියේ සමගි ජන බලවේගය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති විශ්වාසභංගය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් කළ විමසීමක දී ඊට පිළිතුරු දෙමිනි.

Related articles

spot_img
error: Content is protected !!