30.5 C
Galle

පිපිරීමකින් 30ක් මරුට. සිය ගණනක් තුවාලයි

Published:

බංග්ලාදේශයේ චිතගොං නගරයට ආසන්න ගබඩාවක සිදුවූ පිපිරීමකින් සහ ගින්නකින් අවම වශයෙන් පුද්ගලයන් 30 දෙනකු හෝ මියයන්නට ඇතැයි විදේස් මාධ්‍ය වාර්තා කරයි. තුවාල ලැබූ සංඛ්‍යාව සිය ගණනකි.

කන්ටේනර් කිහිපයක් පුපුරායාමත් සමඟ මේ ගින්න හටගෙන තිබේ. එය මැඩපැවැත්වීම සඳහා දැඩි පරිශ්‍රමයක් දරා ඇත. මෙම පිපිරීමට සහ ගින්නට හේතුව මෙතෙක් අනාවරණ්‍ය කරගෙන නොමැති අතර කන්ටේනර්වල තිබූ රසායනික ද්‍රව්‍ය තොගයක් පුපුරායන්නට ඇතැයි සැක පළකරයි.

ප්‍රදේශයේ රෝහල් තුවාල කරුවන්ගෙන් පිරී ගොස් ඇති අතර රුධිරය පරිත්‍යාගකරන ලෙස ද බලධාරීන් ඉල්ලා සිටියි.

තුවාල ලැබූ අයගෙන් සිරුරේ 60%-90% අතර පිළිස්සුම් තුවාල ඇති බැවින් ඔවුන්ගෙන් අති බහුතරයකගේ තත්වය බරපතල බව ද රෝහල් ආරංචිමාර්ග පවසයි 11% පිළිස්සුණු විවට මරණය සිදුවීමේ ඉඩ වැඩි බව සාමාන්‍ය වෛද්‍ය පිළිගැනීමයි.

https://www.bbc.com/news/world-asia-61693778

Related articles

spot_img
error: Content is protected !!