28.9 C
Galle

පොලිසියේ 105ක් ආසාදනය වෙලා. නිලධාරිනියකුත් ඒ අතර

Published:

කොරෝනා ආසාදනය වූ පොලිස් නිලධාරීන් සංඛයාව 105 දක්වා ඉහළ ගොස් ඇතැයි කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. මෙම පිරිස අතර කාන්තා නිලධරිනියක ද සිටියි. ඇය දෙමටගොඩ පිහිටි කොළඹ අපරාධ කොට්ඨාසයේ සේවය කළාය.

පොලිසිය පවසන්නේ ඇය නවාතැන් ගෙන සිටි කාන්තා භට නිවාසයේ 235 දෙනකු පමණ ස්වයං නිරෝධායනයට යොමුකිරීමට සිදුව ඇති බවයි

මේ වනවිට කොළඹ අපරාධ කොට්ඨාසයෙන් මෙතෙක් වාර්තා වී ඇති කොරෝනා ආසාදිත පොලිස් නිලධාරීන් ගණන 26කි.

එමෙන්ම මෝදර පොලිස් ස්ථානයෙන් දෙදෙනෙකු,දෙමටගොඩ පොලිස් ස්ථානයෙන් දෙදෙනෙකු,කොළඹ වරාය,මාළිගාවත්ත,මරදාන සහ ග්‍රෑන්ඩ්පාස් යන පොලිස් ස්ථානවලින් එක් අයෙකු බැගින් කොවිඩ් ආසාදිත පොලිස් නිලධාරීන් හඳුනාගෙන තිබේ.

Related articles

spot_img
error: Content is protected !!