31.6 C
Galle

කොළඹින් තවත් මරණ දෙකක්. මුළු මරණ 23යි.

Published:

කොරෝනා ආසාදනය වූ තවත් පුද්ගලයන් දෙදෙනකු කොළඹ ජාතික රෝහලේ දී මියගොස් ඇතැයි කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

ඒ අනුව අද (03) වනවිට මෙරටින් වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව 23 දක්වා ඉහළ ගොස් ඇති අතර මිනුවන්ගොඩ කොරෝනා පොකුර හේතුවෙන් සිදුවූ 09 වැනි සහ 10 වැනි මරණ ලෙස එම මරණ දෙක හඳුන්වයි.

මෙලෙස මියගොස් ඇත්තේ කොටහේන පදිංචි 68 හැවිරිදි කාන්තාවක සහ ග්‍රෑන්ඩ්පාස් පදිංචි 61 හැවිරිදි කාන්තාවකි. ඔවුන්ගේ මළ සිරුරු නිරෝධායන නීති අනුව ආදාහනය කිරීමට කටයුතු කරන බව ද සෞඛ්‍ය අංශ පවසයි.

Related articles

spot_img
error: Content is protected !!