31.6 C
Galle

කොරෝනා රටම බිලි ගනී. කිලිනොච්චියෙනුත් රෝගියෙක්

Published:

මෙතෙක් කොරෝනා ආසාදිතයන් වාර්තා නොවූ කිලිනොච්චි දිස්ත්‍රික්කයෙන් අද (03) ආසාදිතයකු වාර්තාවීමත් සමඟ ශ්‍රී ලංකාවේ සියලුම දිස්ත්‍රික්ක කොරෝනා ආසාදිතයන් වාර්තාවන දිස්ත්‍රික්ක බවට පත්විය.

සෞඛ්‍ය අංශ පවසන්නේ කිලිනොච්චිය, කණ්ඩාවේලෙයි ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි පුද්ගලයකුට කොරෝනා ආසාදනය වී ඇති බවයි. කොළඹ හෝටලයක සේවය කරන එම පුද්ගලයා ඔක්තෝබර් 28 වැනි දා කිලිනොච්චියේ සිය නිවසට ගොස් ඇත. මේ හේතුවෙන් ඔහු නිරෝධායනයට ලක්කර තිබිණි.

02 දා කරන ලද පීසීආර් පරීක්ෂණයේ ප්‍රතිඵල අද ලැබීමත් සමගම ඔහු ආසාදිත බව තහවුරු වූයෙන් යාපනය මරදන්කර්නි හි පිහිටි කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත යොමුකළ බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පවසයි.

Related articles

spot_img
error: Content is protected !!